කාන්තාවන් දූෂණය කොට මරාදාමා පසුව අංග ඡේදනය කොට ආහාරයට ගත් බව කියන පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනීමස් ආහාරයට ගනු ලැබුවායි මෙසේ චෝදනා එල්ලවී ඇත්තේ දකුණු අප්‍රිකානු පුද්ගලයින් හතර දෙනෙකුටයි.
මින් එක් සැකකරුවෙක් පසුගිය සිකුරාදා පොලීසිය වෙත ගොස් තමාට ‘‘මිනීමස් ආහාරයට ගැනීම‘‘ එපා වී ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා. ඒ මොහොත්ද ඔහු අතැතිව මිනිස් අතක් සහ කකුලක් තිබී ඇතැයි සඳහන්.
පසුව කළ සෝදිසි කිරීම් වලදී එරට පොලීසිය විසින් එක් සැකකරුවකුගේ නිවසේ තිබී බොහෝ ශරීර කොටස් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා ‘රෝග සුවකරන්නෙකු‘ ලෙස ප්‍රසිද්ධියක් උසුලා සිටි අයෙකු බවයි වාර්තාවන්නේ.


0 comments:
Post a Comment